2016 යහපාලන කාලේ පෙට්‍රල් බද්ද රු. 62යි…දැන් 32යි….! සාගර ගැහුවේ මට නෙමෙයි අගමැති මහින්දට…! – ගම්මන්පිල

June 14, 2021 at 11:29 pm | by emanisa.lk

අනුන්ගේ කොන්ත්‍රාත් කළ උගත් නීතීඥයකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පව් යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. තමන්ට කිසිවෙකු පොල්ලකින් පහර දුන් විට තමා කිසි විටක පොල්ල සමඟ තරහ නොවන බවත් පොල්ල දරාගෙන සිටින්නේ කවුදැයි සොයා බලන බවත් ඔහු සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මෙන් ම රට වෙනුවෙන් පෙනී සිටියන තමා සහ විමල් වීරවංශට එරෙහිව සාගර කාරියවසම් මෙහෙයවනුයේ මව්බිමේ සතුරෙකු බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ඔහුගේ ලිපියෙන් ප්‍රහාරය එල්ල කළේ උදය ගම්මන්පිලට නොව මහින්ද රාජපක්ෂට බව ද හෙතෙම අවධාරණය කරයි.

තෙල් ගෙන ඒම සම්පූර්ණයෙන් ප්‍රසම්පාදන කොමිසම මගින් සිදුකරන බවත් එහි සිටින්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් බවත් එම ක්‍රියාවලියට තමාගේ අත්සන යොදන්නේ ද තෙල් තොග ගෙන ඒමට ඇනැවුම් කළ පසු බව ද හෙතෙම හෙළි කරයි.

යහපාලන ආණ්ඩුව සමයේ 2016 පෙට්‍රල් මත බද්ද රු. 62ක් වුව ද මේ වන විට එය 32 දක්වා ද ඩීසල් මත බද්ද රු. 25 සිට මේ වන විට රු. 6 දක්වා පහත දමා ඇතැයි ද එය ලංකාවේ අඩු ම තෙල් බදු බර ද ඔහු ප්‍රකාශ කරයි. ලංකාවේ වර්තමාන තෙල් මිල පකිස්ථානයට පසු අඩු ම තෙල් මිල බවත් මෙම මිල සංශෝධනයට පෙර එය දකුණු ආසියාවේ අඩු ම තෙල් මිල බවත් ඇමැති ගම්මන්පිල වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස