ඉන්දීය ඔත්තු බලන කතාව බොරු..! චීන නැවට ආපහු හැරෙන්න බෑ..! හම්බන්තොටට එන්න අවසර දෙන්න..!

August 12, 2022 at 3:55 pm | by emanisa.lk

චීනයේ යුආන් වැංග් 05 නැමති පර්යේෂණ නෞකාවට අවසර ලබා දී ඇති පරිදි හම්බන්තොට වරායට ඇතුළු වීමට අවස්ථාව දිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මතුව ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධිරාජ්‍ය විරෝධී සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බවත්, අන් රටවල් සමඟ පවත්නා සබඳතා, ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට බලකරන බවත් ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

ඉන්දීය ඔත්තු බැලීම සඳහා අදාළ නැවට හම්බන්තොටට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති අතර අවසර ලබා දීම නිසා පැමිණෙන නෞකාවට ආපසු හැරිය නොහැකි බවත් එමගින් අවධාරණය කෙරේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, විජය ධරණි ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන අයගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *