ඉන්දීයාව ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්න සූදානම්! රෝ බුද්ධි අංශයේ 10ක් ඔත්තු බලමින් ලංකාවේ!

July 19, 2020 at 11:50 am | by emanisa.lk

මෙවර මහ මැතිවරණය සඳහා මැදිහත්වීමට ඉන්දීය රෝ බුද්ධි සේවාවේ නිලධාරීන් පිරිසක් මෙරටට රහසිගතව පැමිණ ඇති බව අද මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනයේ හා තිරිකුණාමලයේ පැවති ජනහමු කිහිපයකදී ඉන්දියාව මෙම මැතිවරණ පසුබිම නිරීක්ෂණය කරන බව පවසා ඇතැයි ද එහි සඳහන් වෙයි.

ඉන්දීය රෝ බුද්ධි සේවාව මැතිවරණයට මැදිහත්වී ඇත්තේ ශ්‍රී ලංකව චීනය සමග දැඩි සබදතා පැවැත්වීම සහ චීන ආධාර ලබාගැනීම හේතුවෙනි.

පසුගිජ ජනාධිපතිවරණයට ද ඉන්දීය බුද්ධි සේවාව මැදිහත් වී තිබුණි. ඉන්දීය රෝ බුද්ධි ඒජන්තවරු 10ක් මෙරට සිට ඔත්තු බලන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ද තහවුරු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස