ඉන්දීයාව නැ. ජැටිය අතනාරී..! රාජ්‍ය තාන්ත්‍රික ලෙස මැදිහත්වීමක්…! ජනපති අගමැති සහ විදේශ ඇමැති සමග ඉන්දී තානාපති සාකච්ඡාක….!

February 3, 2021 at 12:03 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රීලංකා වරාය අධිකාරිය යටතේ පාලනය කිරීමට අදාළ කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වී ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.

මෙම සාකච්ඡාව ගැන කළ විමසීමක දී මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ වරාය සංවර්ධන කටයුතු ගැන එම සාකච්ඡා පැවැති බවයි.

මීට පෙර ප්‍රකාශ වී තිබුණේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට වුව ද පසුව එල්ල වූ බලපෑම හේතුවෙන් එය අත්හිටුවීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ.

රජය තීරණය කර ඇත්තේ කොළඹ වරායේ බටහිර පර්න්තය ඉන්දීය හා ජපාන ආයෝජන සමග ගොඩනැඟීමටය. එම ජැටිය ද වසර 35කින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස