විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිප දෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ද වෙනසක් සිදුකර තිබේ.
මේ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු ඇමැතිවරුන් සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන් පැන වූ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
විමල් වීරවංශට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 73 වැනි ආසනයත් උදය ගම්මන්පිලට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 78 වැනි ආසනයත් මේ අනුව හිමිවනු ඇත.
කෙසේ වෙතත් ඇමැති ධූරයේ වගකීම්වලින් ඉවත් වුව ද ඇමැතිකමෙන් අස්වී නොමැති නිසා වාසුදේව නානායක්කාරගේ ආසනය වෙනස් නොවනු ඇත.