ඇස්ට්‍රාසෙනිකා එන්නත නිසා රුධිරය කැටි ගැසී මෙරට මරණ තුනක්…!

April 21, 2021 at 4:42 pm | by emanisa.lk

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටි ගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරිය මේ බව අනාවරණ කළාය.

“ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත. ලංකාවේ ත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත.

මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නොමැති අතර, මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4 -6ත් අතර බව දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත.

ඒ නිසා කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇති විය හැකි ආබාධ සමග සංසන්දනය කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාවය ඉතා අල්ප බව ලෝක දත්ත අනුව පැහැදිලි වේ. තවද ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *