ඔක්ක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අසාර්ථකයි….! ආණ්ඩුව හරි එන්නත ගෙනැත් නෑ…! – සජිත් ප්‍රේමදාස…

February 14, 2021 at 4:59 pm | by emanisa.lk

ලංකාවට නිසි එන්නත් ගෙන ඒමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (13) ලුණුගම්වෙහෙර පැවැති විපක්ෂ නායක ජංගම සේවයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

දැනට ගෙන එන ඔක්ක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අපේ රටේ නිර්මාණය වී ඇතැයි කියන නව කොරෝනා ප්‍රභේද මර්දනය කළ හැකි දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

මේ ගැටළුව දිහා රට ම බලා සිටිය ද රටට උවමනා නිසි එන්නත ඇනවුම් කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව සජිත් ප්‍රේමදාස හෙළි කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *