කොවීඩ් එන්නත ලද පිරිස ලක්ෂ 05 පනී…! රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 4000ට අඩුයි…!

March 2, 2021 at 12:48 pm | by emanisa.lk

ලංකාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත ලබාගත් පිරිස මේ වන විට ලක්ෂ 05 ඉක්මවා තිබේ.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 42,925 දෙනෙකු එන්නත ලබාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසයි.

ඒ අනුව මේ වන විට මෙරට දී කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇති සමස්ත පිරිස 509,275 කි.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 83,552 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 79,422 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,654 කි.

මේ අතර ලොව පුරා රටවල් 130කට පමණ තවමත් කිසිදු එන්නතක් ලැබී නොමැති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස