ඇවිදින මං තීරු ඉදිකර වැඩි දියුණු කළ යුතුයි…! සංස්කෘතික ජීවිතයට ඒවා අත්‍යවශ්‍යයි…! – ලාල් කාන්න…

September 21, 2021 at 10:23 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත තබා ඇති ෆේස්බුක් සටහනකි.

ඇවිදින මංතීරු ගැන මගේ අදහස කුමක් ද කියා මගෙන් කීප දෙනෙක්ම අහපු නිසා ලියන්නෙ.
01. ඒවා ඉදිකළ යුතුය. හොඳින් නඩත්තු කළ යුතුය, වැඩිදියුණු කළ යුතුය.
02. ⁣සංස්කෘතික ජිවිතක් සඳහා මෙවැනි දේ අත්‍යාවශ්‍යය.
03. නොයෙකුත් හේතුමත නිවෙස් තුළ කොටු වී ජිවත්වන්නට සිදුකර තිබෙන පොදු මහ ජනයාට මිනිස් ඇසුරක් සඳහා මහඟු මෙහෙවරක් මේ මගින් සිදුවේ.
04. ඇවිදිමට පමණක් නොව පවුලේ සියල්ලන් සමග වෙනසක් සඳහා රවුමක් යාමට ද ඉතාම සුදුසුය.‍
05. මෝස්තරයට මේවාට යන බව කියන කතා ද මට ඇසී තිබේ. එසේ නම් එය ද ඉතා අගනා මිනිස් උවමනාවකි.
06. පාලම්, බෝක්කු ඉදිකරගැනීමට උවමනාව තිබෙන බව ඇත්තය. ඒ්වා ලබාගැනීමට අරගල කරමු. දෙක එකට පටලවා නොගනිමු.
07. ලියන්න බොහෝ දේ ඇතත් වෙලාවක් නැත. වෙලාව ඇත්තෝ වැඩිවැඩියෙන් ලියත්වා. රන්ඩු නොකරත්වා!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *