ව්‍යවස්ථාවට පිටින් රටේ බලය අල්ලන්න සූදානම්..! – කුමාර් ගුණරත්නම්..

June 4, 2022 at 12:55 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා අරගලය වෙනුවෙන් එකට එක්වනු දැකීම සමාජය තුළ ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ පැතුම සහ ඉල්ලීම වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසයි.

දේශපාලන බලය අත් කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර මත ගැටුමක් පවතින බව පෙන්වා දී ඇති ගුණරත්නම්, තම පක්ෂය රටේ වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් ජනතා අරගලයක් හරහා බලය ලබාගැනීම පිළිබඳ විශ්වාසයෙන් පසුවන බවද මෙහිදී සඳහන් කරයි.

අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ක්‍රියාත්මක නොවන සංවිධානයක් බව ද කුමාර් ගුණරත්නම් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *