ඇමැති සරත් වීරසේකර ඉලක්ක කර ගෙන හදිසියේ ප්‍රහාරයක් දියත් වීම පිටුපස ඇත්තේ පසුගියදා සිදු වූ තනතුරු බෙදා දීමක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ ඒ ආසන සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කළ අතර කොළොන්නාව ආසනයේ අධීක්ෂණ මන්ත්‍රී ධූරය හිමිව ඇත්තේ අමාත්‍ය සරත් වීරසේකරට ය.
පසුගිය මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ලාභියා වන ඇමැති සරත් වීරසේකරගෙන් කොළොන්නාව ආසනයේ අධීක්ෂණ මන්ත්‍රී ධූරය භාර නොගන්නා ලෙස හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනො සිල්වා ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වුව ද එම විරෝධය තඹේකට මායිම් නොකළ ඇමැති සරත් වීරසේකර තමා වෙත පැවරුණු වගකීම භාරගෙන තිබේ. මේ වන විට මරණ දඬුවමට ලක්ව සිරගත කර සිටින රේනො සිල්වාගේ සහෝදරයා වන දුමින්ද සිල්වාගේ දේශපාලන බල කඳවුර වූයේ කොළොන්නාවයි.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා සිය මාධ්‍ය නාළිකා ඔස්සේ පසුගිය සමයේ සමාජ මතයක් ගොඩනැඟීම සඳහා විශාල උත්සාහයක් දැරූ රෙනෝ සිල්වා මේ නව පත්වීම භාර ගැනීම ඇමැති සරත් වීරසේකර සමග දැඩි ලෙස උරණ වී ඇති අතර සිය නාළිකා සහ ගෝලබාලයින යොදාගෙන සරත් වීරසේකරට එරෙහිව ප්‍රහාරය ආරම්භ කරන්නේ ඒ සමඟ ය.