ඇමැති ඩී.බී. හේරත් මහජන මුදලින් නොගත්තේ යට ඇඳුම විතරයි…! ගෙදරට ගත් ඇඳන් හයට විතරක් ලක්ෂ 20යි…! – ජවිපෙ…

September 27, 2021 at 1:50 pm | by emanisa.lk

රටේ ගොවි ජනතාව, පොහොර ප්‍රශ්නයට මැදි වී අන්ත අසරණව සිටිද්දී ඔවුන්‍ගේ ගැටලු විසඳීමට සිටින පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, අමාත්‍ය නිල නිවසේ සැප විඳීමට පමණක් රුපියල් මිලියන 02 කට වැඩි මුදලක් වියදම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු නාමල් කරුණාරත්න පවසයි.

මෙම මිලියන 02 ක මුදල වියදම් කර තිබෙන්නේ ඇමතිවරයාගේ නිල නිවාසය සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ මිල දී ගැනීම සඳහා බවටත්, අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති තත්ත්වයක් තුළ මෙසේ ඇමතිවරුන්ට හිතුමනාපයේ මහජන මුදල් ගසා කෑමට අවස්ථාව ලබා දී ඇති බවටත් ඔහු චෝදනා කරයි.

මෙම මිලියන 02 ක මුදල වැයකර ඇඳන් 06 ක් මිල දී ගෙන ඇති අතර මීට අමතරව මෙට්ට, විසිත්ත කාමර කට්ටල, රූපවාහිනී, ශීතකරණ, ඩිනර් සෙට්, අයන් ටේබල්, බ්ලෙන්ඩර්, හැඳි කට්ටල, ගෑරුප්පු කට්ටල පවා මහජන මුදලින් මිලදීගෙන ඇති බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ පවසන්නේ ඇමැතිවරයා ජනතා මුදල් වැය කර, යට ඇඳුම් හැර අනෙක් සියලු දේ මිල දී ගෙන ඇති බවය.

මෙවැනි විශාල මුදලක් වැයකර තිබෙන්නේ නිල නිවාසය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 05 කට ආසන්න මුදලක් වැයකර තිබිය දී බව ද නාමල් කරුණාරත්න අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *