අල්ලස් වංචා දූෂණ රැසක් එළියට….! මන්ත්‍රීවරුන් 80කට අල්ලස් චෝදනා…..!

April 12, 2021 at 11:16 am | by emanisa.lk

අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

චෝදනා එල්ල වී ඇති මෙම ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගෙන් වැඩි දෙනකු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් බව වාර්තා වෙයි.

ඒ පිරිසට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනාඥයෝ ද ඇතුළත් වෙති.

මේ අතර අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යැයි අල්ලස් කොමිසම වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *