ඇමැතිලාට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළින් කැරැල්ලක්…! හරීන් මනූෂ සුසිල්ගේ ඇමැතිකම් අනතුරේ…!

August 26, 2023 at 4:13 pm | by emanisa.lk

ආණ්ඩුවේ ප්‍රමුඛ අමාත්‍යංශ පහක් භාර අමාත්‍යවරුන්ට බරපතළ චෝදනා එල්ල කළ පසුපෙළ මන්ත්‍රීන් සහ රාජ්‍ය ඇමැතිවරුන් එයින් අමාත්‍යංශ තුනක වැය ශීර්ෂ ඉදිරි අයවැයේ දී පරාජය කිරීමට ඡන්දය භාවිත කරන බව තරයේම ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස චෝදනා නගා තිබේ. මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි, ජයන්ත කැටගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, කුමාරසිරි රත්නායක, ජගත් සමරවික්‍රම, පියල් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ගීතා කුමාරසිංහ මෙලෙස අමාත්‍යංශ 5කට චෝදනා චෝදනා නඟා ඇති අතර එයින් අමාත්‍යංශ 3 ක වැය ශීර්ෂ පරාජය කරන බවට සපථ කර ඇත.

දේශීය හා විදේශීය රැකියා ලබාදීමේදී වෙන් කළ මන්ත්‍රී කෝටාව සඳහා රැකියා ලබා නොදීම, අසාධාරණ ලෙස ඉඩම් බෙදා දීම, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂ මන්ත්‍රීන්ට ප්‍රමුඛතාව ලබාදීම, ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ යෝජනා ගණන් නොගැනීම හා ප්‍රවාහන අමාත්‍යංශයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් මෙලෙස පසුපෙළ මන්ත්‍රීවරු අමාත්‍යවරුන් ගණනාවකට දැඩි ලෙස චෝදනා කළෝය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *