ඇමැතිකම් නොගෙන ම මනෝ දිගම්බරම් ඇතුළු 05ක් ආණ්ඩුවට..!

August 15, 2022 at 11:28 am | by emanisa.lk

කිසිදු ඇමැති තනතුරක් භාර නොගනිමින් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට තම පක්‍ෂය තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගාම්බරම් පවසයි.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටින සිය පක්‍ෂයේ නායක, මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනාම ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීම සඳහා සහාය ලබා දුන්න ද වසරක කාලයකට පසු මහ මැතිවරණයකට යා යුතු බවට සිය පක්‍ෂය ජනාධිපතිවරයාට අවධාරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන ශ්‍රී ලංකාවේ ජනතාව මත අමතර බරක් පැටවෙන නිසා මේ මොහොතේ නව රජයක තනතුරු භාර නොගෙන සිටීමට තීරණය කළත් රජයට තමන් සමය ලබාදීමට කටයුතු කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගාම්බරම් වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *