ඇමරිකා යන්න ගිය රංජන් කටුනායකයින් ආපසු හරවයි…!

October 28, 2022 at 1:07 pm | by emanisa.lk

විදේශගත වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගත වීමට ඔහු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට අමෙරිකාව බලා ගමන් කිරීමට රන්ජන් රාමනායක ඊයේ (27) කටුනායකට පැමිණ තිබේ.

කෙසේ වෙතත් රංජන්ට එරෙහිව විභාග වන නඩු දෙකකට අදාළව අධිකරණ මගින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔහු යළි හරවා යැවීමට නිලධාරීන් තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *