නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාට එන්නත ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දෙයි.
ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති සියලු දෙනා එන්නත් කිරීම ඉලක්ක කර ගනිමින් මුළු දිවයිනට ම බල පැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ තීරණයට එළඹි බවයි.
සැප්තැම්බර් පළමු වැනිදාට පෙර ඔවුන් එන්නත් කර අවසන් කිරීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
ඇදිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාටද උපදෙස් ලබාදී තිබේ.