ඇන්ටනෝව් යානා 03ක් යුක්‍රේනයට අලුත්වැඩියාවට යවල…! ගෙව්ව ඩො. මිලියන 300ත් නෑ.. යානාත් නෑ…!

January 2, 2021 at 9:31 am | by emanisa.lk

පසුගිය ජනපතිවරණය ආසන්නයේ දී ඩොලර් මිලියන 300ක් වැය කර ගුවන් හමුදා ඇන්ටනෝව් 32 යානා තුනක් අලුත්වැඩියාව සඳහා යුක්රේනයට යැවීමේ ගනුදෙනුව පසුපස අතරමැදියකු සිටින බව හෙළි වී ඇත.

මෙම කොන්ත‍්‍රාත්තුව පවරා ඇත්තේ යුක්රේනයේ කිව් නුවර යුක්රේන් මාස් සමාගමට වන අතර අලුත්වැඩියාවට යැවූ එම යානා තුන මෙතෙක් මෙරටට ලැබී නැත.

පසුගිය රජය මෙම යුක්රේන් මාස් සමාගමෙන් මිග් යානා මිලට ගත් බව දක්වමින් ජනපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ද චෝදනා එල්ල කර තිබිණි.

මේ ගනුදෙනුවට සම්බන්ධ අතරමැදියා කවුදැයි රජයට හෙළි වී ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *