ආසාදිත මළ මුත්‍ර මුසු ජලයේ කොරෝනා දින 17ක් සක්‍රියයි..! ඔක්ස්පර්ඩ් පර්යේෂණයකින් තහවුරුයි…!

December 31, 2020 at 9:21 am | by emanisa.lk

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ මළ මුත්‍ර අපජලයට මුසු වී ඇත්නම් එම වෛරසයට දින 17ක් පමණ කාලයක් නොනැසී පැවැතිය හැකි බව ඔක්ස්ෆර්ඩ් සරසවිය පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මහාචාර්ය වී. ජෙෆර්සන් සහ ආචාර්ය කාල් හෙනගන් පෙන්වා දෙති.

එම පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ අපජලය වැරදි ලෙස කළමනාකරණය කිරීම​ හේතුවෙන් SARS-COV-2 හෙවත් කොවිඩ් 19 වෛරසය පැතිර යා හැකි බව අනාවරණය කිරීමයි.

අපජලය ප්‍රමාණවත් ලෙස පිරිපහදු නොකළහොත් වෛරසය ඉතා පහසුවෙන් ජලය මගින් ව්‍යාප්ත විය හැකි බව එම පර්යේෂකයෝ පෙන්වා දෙති. රටවල් 39කින් ලබාගත් දත්ත පදනම් කරගනිමින් සිදුකර ඇති මෙම පර්යේෂණයට අනුව රෝගීන්ගේ මළ අඩංගු අපජලය දින 17ක කාලයක් කොවිඩ් 19 වයිරසයට සජීවීව පැවැතිය හැකිය. නමුත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවීමේ දී ක්‍රමයෙන් වෛරසයේ සජීවීභාවය අඩු වී යන බව සොයාගෙන ඇත.

පෞද්ගලික ජල මූලාශ්‍රවලින් (ළිං) ජලය ලබාගන්නා සමාජ කොට්ඨාස අතර අවදානම අඩු නමුත් පොදු ජල මාර්ග සහ පොදු මළ අපවහන පද්ධති ක්‍රියාත්මක සමාජ කොට්ඨාස තුළ වෛරසය පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවත් මෙම පර්‌යේෂකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස