රටේ ඉදිකිරීමට යෝජිත ආර්ථික කොරිඩෝ සහ ඇමරිකාව සමග කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමති පාඨලි චම්පක රණවක පවසයි.
ඒ පිළිබඳ කතා කිරීමට කාදිනල්තුමාට දැනුමක් හෝ අයිතියක් නොමැති බවත් තමා ඒ පිළිබඳ සියලු ආගමික නායකයන් දැනුම්වත් කළ බවත් ඇමතිවරයා සඳහන් කරයි.
එක් ආර්ථික කොරිඩෝවක් නොව කොරිඩෝ හතරක්ම මේ රටේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු හෙළිකළේය.