ආරච්චිකට්ටුව පොහොට්ටු සභාපති ඇතුළු 03ක් රිමාන්ඩ්…!

June 20, 2022 at 6:00 pm | by emanisa.lk

ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු තිදෙනකු 23 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කළේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, සමිර මධුෂංක, සහ ඒ.ඒ. ධම්මික නැමති සැකකරුවන් තිදෙනෙකී. සභාපතිවරයා පොදුජන පෙරමුණ මන්ත්‍රි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්ගේ නිශාන්තගේ සොහොයුරාය.

සැකකාර මන්ත්‍රිවරයා 18 දින ආරච්චිකට්ටුව නගරයේ ඉන්ධනහල අසල දී ඉන්ධන ලබා ගැනිමට බැරලයක් රැගෙන පැමිණ සිටි පුද්ගයකුට පහර දී එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයාගේ නිල කබායට හානි වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙසේ චෝදනා ලැබ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *