ආරක්ෂ හමුදාව ජනතාවට මහා බරක්…! හමුදාවට කෝටි 10ක කන්න දීලා…! හමුදා බලය වහාම අඩු කරනු..! – ජිනීවා මානව හිමිකම් කවුන්සිලය…

September 25, 2022 at 11:16 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවේ සිටින දෙලක්‍ෂ හතළිස් හත්දහසක පිරිස නඩත්තු කිරීමට ජනතාවට නොහැකි බවත් එම නිසා වහාම එම පිරිස අඩු කරන ලෙසත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ජනතාවට ආහාර මිලයට ගැනීමට වත්කමක් නැති අවස්ථාවේ හමුදාවේ ආහාර වියදම රුපියල් කෝටි 10ක් බව ද සඳහන් කර තිබේ.

දැන් පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් 51 වැනි සමුළුව හමුවේ සඳහන් කර ඇති තොරතුරුවලට අනුව ලබන වසර සඳහා හමුදාවේ වියදම රුපියල් බිලියන 373කි. එය මේ වසරට වඩා සියයට 14ක වැඩිවීමකි.

ඔස්ට්‍රේයාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, මැලේසියාව සහ නෙදර්ලන්තය වැනි රටවල් පරදවමින් ශ්‍රී ලංකා හමුදාවේ පිරිස දෙලක්‍ෂ හතළිස් හත්දහසක් දක්වා වැඩි වී තිබෙන බව ද එහිදී සඳහන් වී තිබේ.

මේ නිසා ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සහ ආරක්‍ෂක වැය අඩු කිරීම කළ යුතු බව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට නිර්දේශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස