ආණ්ඩුවේ සමාජ මාධ්‍ය කණ්ඩායම් විරෝධය හමුවේ සුදර්මන් ITN තනතුරින් පහකරයි!

January 1, 2020 at 10:00 pm | by emanisa.lk

ස්වාධීන රූපවාහිනියේ පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස දෙසැම්බර් 27 වෙනිදා වැඩභාරගත් සුදර්මන් රදලියගොඩ එම ධුරයෙන් ඊයේ (31) ඉවත් කර තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ ඔහු ස්වාධීන රූපවාහිනී ආයතනයේ දැරූ එම ස්ථිර තනතුරු අහිමි කිරීමට එවක පාලකයන් කටයුතු කළ අතර අදාළ තනතුර නැවත ලබා දීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සමාජ මාධ්‍ය කණ්ඩායම් අතර බලවත් විරෝධයක් පැන නැඟිණි.

එම චෝදනාවලින් කියවුණේ සුදර්මන් රදලියගොඩට දූෂණ චෝදනා ඇති බව සහ අදාළ තනතුරට නුසුදුසු අදක්ෂයකු බවය.

මෙම විරෝධය හමුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයෙන් ස්වාධීන රූපවාහිනී සභාපති සුදත් රෝහණට දන්වා ඇත්තේ වහාම සුදර්මන් රදලියගොඩ අදාළ ධුරයෙන් ඉවත් කර තමන් සහ ජනාධිපති ලේකම් දැනුම්වත් කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස