ආනවිළුන්දාව ඩෝසර් කර වැනසූ ව්‍යාපාරිකයා අල්ලයි!

August 29, 2020 at 12:55 pm | by emanisa.lk

ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගත් අතර
ඔහුගෙන් ලද තොරතුරකට අනුව අද (29) මෙම ව්‍යපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ආරච්චිකට්ටුවේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර සැකකරුවන් දෙදෙනා හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබූ භූමි කොටසක් මොවුන් විසින් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි. එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස