ආනවිළුන්දාව වැනසූ ඩෝසරයයි රියදුරයි අත්අඩංගුවට! අපරාධකාරයෝ නිදැල්ලේ…?

August 28, 2020 at 10:32 pm | by emanisa.lk

ලංකාවේ දෙවන රැම්සා තෙත් බිම ලෙස නම් කළ ආනවිළුන්දාව රක්ෂිතයෙහි කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටුවක් තැනීමට සැකසූ ඩෝසරය සහ එහි රියදුරා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රදේශයේ මෙයට දශක කිහිපයකට පෙර කඩොලාන පද්ධතිය වනසා ඉස්සන් කොටු ඇති කර පැවති බවත් කලක් අතහැර දමා තිබූ එම ඉස්සන් කොටු නැවත ඇති කිරීම සඳහා මෙම විනාශය සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවද මෙම තෙත් බිම් කළාපය විනාශ කිරීම සඳහා කටයුතු කළ පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස