රජය ආනයන තහනමක් පනවා තිබියදී කර්මාන්ත අමාත්‍යාංශය මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට අනුමැතිය ලබා දී ඇති අතර එ් අනුව එම සමාගම ටයිල් ආනයනය කර තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන අංශ II) එස්.එම්. අශෝක කුමාරගේ අත්සනින් 2021 ජනවාරි 07 වැනිදා නිකුත් කරන ලද නියෝගයක් මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය මෙරට ගෙන්වීමට අවසර ලබා දී ඇත්තේ ඇල්ට්‍රා රූෆින් ලංකා (පෞද්ගලික) සමාගම (ultra reoring lanka (pvt) ltd) නමැති ආයතනයකටය.
2020 අප්‍රේල් 16 වැනිදා මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් තහනම් කර ඇති ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා මෙලෙස අවසර ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 51,408කි (රුපියල් 9767500කි). අදාළ සමාගමට මෙම භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දෙන ලෙස අධ්යක්ෂවරයා රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
රජයේ ප්‍රතිපත්තියට පටහැණිව කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කර ඇති මෙම ආනයන අවසර ලබාදීමට මැදිහත්වූ සියලුම පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බව එම අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට සඳහන් කළේය.