ටයිල් ඇතුළු සෙරමික් භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (02) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
ඒ අදාළ ආනයන සීමා සමඟ රටේ ටයිල් අවශ්‍යතාව සපුරාලීමට දේශීය නිෂ්පාදකයින් අසමත් වීම සහ ඒ නිසා ම ටයිල් ආශ්රිත කර්මාන්ත දැඩි අර්බුදයකට මුහුණපෑම පදනම් කර ගෙන ය.
මේ නිසා බොහෝ ටයිල් ව්‍යාපාරික ආයතන වසා දමන තැනට පත්ව ඇති අතර විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ
කෙසේ වුව ද එම ගැසට් නිවේදනය නිකුත් කර පැය 24ක් ගෙවී යන්නත් මත්තෙන් ආනයන අපනයන පාලන දෙපාර්ත්මේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයාගේ ගැසට්ටුව ක්‍රියාත්මක වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස දැනුම් තිබේ.
එම දැනුම් දීම කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවට සහ වානිජ බැංකු වෙත ය.