ආනයනකරුවෙක් ලංකාවට මිශ්‍ර තෙල් නැවක් ගෙන්නල….! එය විකිණෙන තුරු පොල්තෙල් මිශ්‍ර කිරීම වළකන ගැසට්ටුව ප්‍රමාදයි…!

April 5, 2021 at 12:27 am | by emanisa.lk

ආනයනික පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වසරේ ගැසට් නිවේදනය අවලංගු කිරීම ප්‍රමාද කරන්නේ එක්තරා ආනයනකරුවෙකුගේ තෙල් තොග විකුණා අවසන් කරගන්නා තුරු බවට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ‍චෝදනා කරයි.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පවසන්නේ තෙල් මිශ්‍ර කරන ගැසට්ටුව අවලංගු කිරීමේ තීන්දුව ගත්තේ මාස 07කට පෙර බව ය.

පසුගිය සති දෙක ඇතුළත එක් ආනයකරුවෙකු තෙල් නැවක් ගෙන්වා ඇති බවත් එය විකිණී අවසන් වන තුරු අදාළ ගැසට්ටුව ප්‍රමාද කරන බවටත් ඔහු චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස