ආදාහනයට එරෙහිව ඥාතීින් භාර නොගත් සිරුරු රජයේ වියදමින් ආදාහනයට නියෝග!

December 1, 2020 at 7:06 pm | by emanisa.lk

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවන කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම තීරණය කර තිබේ.

එවැනි මියගිය අයගේ මළ සිරුරු කිහිපයක් මේ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මේ සඳහා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දීමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සඳහන් කරයි.

ඊයේ මහනුවර මිය ගිය පුද්ගලයාගේ සිරුර ආදාහනය කිරීමට එරෙහිව සිරුර භාර ගැනීම ද පෙට්ටියට සහ ආදාහනයට යන වියදම් ලබා නොදීමට ද ඥාතීන් තීරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස