ආණ්ඩුව 2/3 ඉල්ලන්නේ MCC අත්සන් කරන්න! රට හමුවේ ඇති බරපතළ ම අනතුර එයයි! – ජවිපෙ

June 29, 2020 at 11:08 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව 2/3 පාර්ලිමේන්තු බලයක් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව පවත්වා ගෙන යා නොහැකි නිසා නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ආණ්ඩුව එම බලය ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය ආකාරයට නීති සංශෝධනය සඳහා පමණක් නොව ඇමරිකාව සමග සහස්‍ර අභියෝගතා ගිවිසුම (MCC) අත්සන් කිරීම සඳහා නම් එය රට හමුවේ ඇති බරපතළ අනතුරක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂලා එය රටට සඟවන බවත් එය අද රට හමුවේ ඇති බරපතළම අනතුර බවත් ඔහු අවධාරණය කරයි.

කෙසේ වුවද එම පක්ෂයේ නායක අනුර දිසානායක ජනාධිපතිවරණයට පෙර සඳහන් කළේ MCC එවක යහපාලන ආණ්ඩුව පවසන තරම් සුන්දර හෝ එවක මහින්ද රාාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂය පවසන තරම් භයානක ද නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස