ආණ්ඩුව ළඟදිම හමුදාව එක්ක යට ඇඳුම් අල්ලන මෙහෙයුමක් කරනවා…! – මුජිබර් රහුමාන්…

September 11, 2021 at 2:56 pm | by emanisa.lk

මෙතෙක් ලංකාවේ ජනතාවට ඉතිරි වී තිබූ යට ඇඳුමත් ආණ්ඩුව ඊයේ (10) ගලවා දැමූ බව සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් පවසයි.

ආණ්ඩුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස සලකා යට ඇඳුම් ආනයනයට සීමා පැන වූ විට ආණ්ඩුව යටට ඇඳලා දැයි ඇසීමට සිදුවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙම තීන්දුව නිසා මෙරට මධ්‍යම පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් විනාශ වන බවට ද රහුමාන් චෝදනා කළේ ය.

අනෙක් අතට භාණ්ඩ හිඟය සමඟ එවායේ මිල අසීමිත ලෙස ඉහළ යනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මේ නිසා ඉදිරියේ දී ආණ්ඩුවට හාල් සීනි අල්ලන්නා සේ යට ඇඳුම් ඇල්ලීමේ මෙහෙයුම් කිරීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මුජිබර් රහුමාන් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *