ආණ්ඩුව හොඳ වැඩි නිසා ප්‍රශ්න වැඩිවෙලා….! එක කපුටෙක් මරල තට්ටක් එල්ලුව නම් ඔක්කොම සුද්දයි….! – ජොන්ස්ටන්…..

June 30, 2021 at 2:49 pm | by emanisa.lk

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩි වී ඇති බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ඊයේ (29) පැවති සාකච්ඡාවක දී රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ය.

තිස්ස වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව ක්‍රියාකරන්නේ ද ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රජය ව්‍යාපෘතියක් ආරම්භ කළ පසුව සියලු ම අමාත්‍යාංශ එම ක්‍රියාව සමඟ එකට සිටගත යුතු බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහි දී අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *