ආණ්ඩුව හිතුමතේ ආර්ථිකය හසුරුවලා ජනතාව පෝලීම්වල ගාල් කළා…! – එජාපය…

October 3, 2021 at 1:11 pm | by emanisa.lk

මාස තුනක කාලයක් ගත වී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසඳුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක් ද ජනතාවගේ හිස මතට පතිත කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රකාශ කරයි.

ගෑස් හා කිරිපිටි පෝලිම්වල සිටි ජනතාව සිමෙන්ති පෝලිමකට තල්ලු කර ආණ්ඩුව අත පිසදා ගෙන සිටින්නේ යැයි ද රුවන් විජයවර්ධන චෝදනා කරයි.

ගෑස්, කිරිපිටි, සිමෙන්ති, පොහොර හිඟයට විසඳුම් නොදීම නිසා ජනතාව මේ වන විට මහත් පීඩාවකට පත්ව ඇතැයි කී රුවන් විජයවර්ධන මෙය තමන්ට හිතුන හිතුන ආකාරයට ආර්ථිකය හැසිරවීමට ගොස් ජනතාව පෝලිම්වලට ගාල්කළ ආණ්ඩුවක් බව ද කීය.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධනය පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *