ආණ්ඩුව සියල්ල අවුල් ජාලයක් කර ගෙන..! එදා IMF එකත් මම කියන දේ ඇහුවා…! – මෛත්‍රී..

December 27, 2021 at 7:57 am | by emanisa.lk

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කර ගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිරයා මේ බව පැවසුවේ ඊයේ (26) පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනක දී ය.

“මේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගොඩනගන්නේ කෙසේද කියන ප්‍රශ්නයක් අද මතුවෙලා තියෙනවා. අද දේශපාලනය, ආර්ථිකය, සමාජ අර්බුද, ජාත්‍යන්තරය අපි සියල්ලම අවුල් කරගෙන තිබෙනවා.

බොහෝ දෙනෙක් ආණ්ඩුවෙන් අහනවා ඇයි IMF යන්නේ නැත්තේ කියලා. මේ ආර්ථික අර්බුදය විසඳාගන්න යම්කිසි සහනයක් එතනින් හම්බවෙයි කියලා.

ආණ්ඩුවේ බලවතුන් කියනවා, නෑ අපි IMF යන්නේම නැහැ කියලා කියනවා. සමහර විට මතක ඇති මගේ අවුරුදු 5ට මාස එකහමාරකට අඩු මුළු කාලය ම මම වැඩකළේ IMF එක සමග, IMF එක මට බරපතළ කොන්දේසි දැම්මේ නැහැ.

ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තද ඒවාට මම කිව්වා මෙවාට නම් කොහෙත්ම අත තියන්න පුළුවන් දේවල් නොවේ කියලා. ඒ වෙලාවේ ඒ අය පිළිගත්තා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *