ආණ්ඩුව සල්ලි අච්චු ගැසීමෙන් නම් සෞභාග්‍ය කරා පියනඟනවා…! – හඳුන්නෙත්ති….

July 4, 2021 at 5:48 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව මේ වන විට රුපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මෙම ආණ්ඩුව පත්වන විට භාණ්ඩාගාර බිල්පත් බිලියන 116 ක් නිකුත්කොට තිබූ බවත් එය අද වන විට බිලියන 1115 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු අනාවරණය කළේ ය.

සෞභාග්‍යයේ දැක්මක් කරා යන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව, දැන් තමන්ගේ සෞභාග්‍යය පෙන්වන්නේ මෙලෙස මුදල් අච්චු ගැසීමෙන් බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

මේ ආකාරයට මුදල් අච්චු ගැසීම නිසා භාණ්ඩ හා සේවා මිල අධික ලෙස තව තවත් ඉහළ යා හැකි බවට ඔහු අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *