ආණ්ඩුව රට ගෙන යන්නේ සිම්බාබ්වේ දෙසට..! වහා ම රට කරවන්න පුළුවන් අපට භාරදෙන්න…! – සජිත්…

January 9, 2022 at 9:53 am | by emanisa.lk

අද ආණ්ඩුව රට ම පඹ ගාලක පටලවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රට මේ වන විට අයාලේ යන බව කියන විපක්ෂ නායකවරයා, ආණ්ඩුව එදා වේල ටුවර්ස් න්‍යායට අනුව රට මෙහෙයවමින් සිටින බවට ද චෝදනා කරයි.

ආණ්ඩුව රට ගෙන යන්නේ සිම්බාබ්වේ දෙසට බවත් වහාම ආණ්ඩුව බලයෙන් ඉවත් වී රට කර ගෙන යාමට හැකි කණ්ඩායමකට රට බාර දිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

එම නිසා මෙවර වරද්දා නොගෙන ජනතාව සිය ජන්දය භාවිත කළ යුතු බව ද විපක්ෂනායකවරයා අවධාරණය කළේ,
වැලිඔය පැවැති ජනහමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස