ආණ්ඩුව මුස්ලිම් මෘතදේහ පිච්චුවේ නෑ..! රටට පේන්න හිස් මිනී පෙට්ටි 181ක් පිච්චුවා…! – නසීර් අහමඩ්…

March 16, 2021 at 5:44 pm | by emanisa.lk

පිච්චුවේ මිනී පෙට්ටි 181ක් බවත් මේ වනවිට කොවිඩ් ආසාදික මරණ 39ක් භූමදානය සිදු කර ඇති බවත් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නැගනෙහිර හිටපු ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් පවසයි.

ආණ්ඩුව තමන්ට සහාය දුන් බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඔට්ටමාවඩිහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් නසීර් අහමඩ් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුවට සහාය පලකරමින් ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු අතර සිටි මන්ත්‍රීවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස