බුර්කා ඇතුළු මුහුණ ආවරණ තහනම් කරන නීති ගේනවා…! කොරෝනා මෘතදේහ පිළිබඳ තීන්දුව සෞඛ්‍ය අංශ අතේ…!- අධිකරණ ඇමැති….

February 25, 2021 at 4:51 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුත්තේ කෙසේ දැයි තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමින්, පොදු ස්ථානවල බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට නීතී සකස් කිරීම සඳහා යෝජනා කැබිනම් මණ්ඩලයට යොමු කර ඇති බව ද ඇමැතිවරයා හෙළි කළේ ය.

කොවිඩ්-19 ආසාදනය වී මිය යන මුස්ලිම් භක්තිකයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳ තමාට මතයක් ඉදිරිපත් කළ නොහැකි යැයි වැඩිදුරටත් පැවසු අලි සබ්‍රි එය සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් යැයි ද අවධාරණය කළේ ය.

අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්මේන්තුවේ කළ ප්‍රකාශයක් පදනම් කරගෙන සමාජයේ පැතිර යන වැරදි මතයන් දුරුකිරීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකව්ඡාක දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති අලි සබ්‍රි එසේ පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස