ආණ්ඩුව මැතිවරණේ නොතබන්නේ මුදල් නෙමෙයි, ඡන්ද නැති නිසයි..! – ගම්මන්පිල…

February 15, 2023 at 2:27 pm | by emanisa.lk

ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම මාමාගේ අඩි පාරේ යමින් මැතිවරණ සිතියම අකුලන්නට තීරණය කර ඇති බවත්, ආණ්ඩුව මැතිවරණ නොදෙන නිසා එය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් උදය ගම්මන්පිල සඳහන් කළේය.

මෙහි නීතිමය ගැටලුවක් ද ඇතැයි කී මන්ත්‍රීවරයා අයවැයෙන් මැතිවරණයට වෙන්කළ මුදල ලබාදීමට ආණ්ඩුවට නොහැකිවීම අයවැය පැරදුණා හා සමාන බව ද කීවේය.

අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බැවින් අයවැය ක්‍රියාත්මක කරන්නට නොහැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ ආණ්ඩුව අයවැය පරාජය වුණා සේ සලකා වහාම ඉල්ලා අස්විය යුතු බව ද ගම්මන්පිල අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *