ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයට සූදානම්…! සීනි සහල් දැනටමත් පාලනය කර අවසන්…! – තිරිඟු පිටි රු. 80ට දීමේ නිල උත්සවයේ දී ඇමැති කියයි…

February 20, 2022 at 6:52 pm | by emanisa.lk

භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරිමට රජය සුදානම් බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ තලවකැලේ මැදකුඹුර වතුයායේ වතු කම්කරු පවුල් සඳහා රු 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝ 15 ක් ලබා දීමේ නිල උත්සවයට සහභාගී විමෙන් අනතුරුව මාධ්‍යට අමතමිනි.

“මුළු ලෝකය ම මේ අවස්තාවේ මුහුණ දීලා තියෙන තත්ත්වය හමුවේ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා කියලා අපි පිළිගන්නවා. පසුගිය කාල සිමාව තුළ දි ගැස්, කිරිපිටි, සිනි, හාල්, සිමෙන්ති වල හිගයක් සහ මිල වැඩි විමක් සිදු වුණා.

වර්තමානය වන විට සීනි සහ සහල්වල මිල පාලනය සහ හිගකම නැති වෙලා තියෙනවා. ගෑස් වුණත් හිගය අඩුයි, එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යංශ කමිටුවක් මුදල් අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පත් කරලා තියෙනවා.
ඇතැම් ව්‍යාපාරිකයන් මේ තුළින් ලාභ ඉපයිම සඳහා හිගයක් මවා පවා මුදල් උපයනවා. පාරිභෝක අධිකාරිය විදිහට අපි විශේෂ වැටලිම සහ විමර්ශන සිදු කරලා ඒවා පාලනය කරනවා.

භාණ්ඩ සුලභ කරලා මිල පාලනය කිරිමට අපි සුදානම් වෙනවා. ආණ්ඩු අස්සේ කොහොමත් ප්‍රශ්න තියෙනවා ඒක සමාන්‍යයි, සන්ධාන අතර ප්‍රශ්න තියෙනවා. එම ගැටළු විසදිම ප්‍රධාන පක්ෂයේ නායකයා මුලික කරගෙන සිදු කරන්න ඕනි කියලා අපි මතක තබාගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස