වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය අහිමි වීම සඳහා මන්ත්‍රී ආසන 02ක වෙනසක් පමණක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, 43 වන සේනාංකයේ ඉංජිනේරු සමුළුව අමතමිනි.
ඒ අනුව පාර්ලිමේන්තුව තුළ භාරකාර ආණ්ඩුවක් පිහිටුවා රටට වගකියන අග්‍රාමාත්‍යවරයෙකු, මුදල් ඇමතිවරයෙකු සහ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා වෘත්තිකයක් පිරිසකට භාරදීම සඳහා කාලය එළඹී තිබෙන බවි, චම්පික රණවක සඳහන් කළේ.
“අරයාගේ විජ්ජා අපි ඇහුවා, මෙයාගේ විජ්ජා ගැන ඇහුවා, කාලයක් වන් මෑන් ෂෝ 90 දශකයේදී අපි දැක්කා, දියසේන කුමාරයාගේ වැඩපිළිවෙළත් දැක්කා. ඒ නිසා දැන් රටට අවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර පාලනයක්. සමහරු අහනවා, මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙනවා, ඒක වෙනස් වෙන්නේ කොහොම ද කියලා.
මේ ආණ්ඩුවට එහෙම ලොකු හයියක් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 145ක් තිබුණා. ඒ 145 ආසන153 දක්වා වැඩි වුණේ සමගි ජන බලවේගයේ 08ක් එතනට ගිය නිසා. ඒ වගේ ම අද මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා තිබෙනවා පක්‍ෂ 11ක්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 14ක් ඉන්නවා. අනෙකුත් පක්‍ෂවලට 5ක් ඉන්නවා. සමගි ජනබලවේගයේ 08 දෙනා එතනින් ඉවත් වුණොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ 145යි. ඒ 145න් මේ 29 අඩු කළොත් කීය ද ඉතුරු වෙන්නේ කීයද කියලා දන්නවා.
ඒකෙනුත් අපේ කථානායකතුමා අයින් කළාම 114යි. දෙන්නයි ඉවත් වෙන්න ඕන. දෙන්නට වඩා අතිවිශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්නවා. ඒ නිසා බහුතරය නැති කරනවා, බහුතරය නැති වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. සෑම මන්ත්‍රීවරයෙකුගේම ඔළුවේ මේ රට යන්නේ කොහේටද, අපේ පැවැත්ම කොහොමද කියන එක පිළිබඳ විශාල අභියෝගයක් තිබෙනවා.
ඒ නිසා අනිවාර්යෙන්ම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. ඒ වගේම රටට වගකියන නව මුදල් ඇමතිවරයෙක්, රටට වගකියන අග්‍රාමාත්‍යවරයෙක් එක්ව රටේ ප්‍රධාන ආයතන ස්වාධීන වෘත්තීය පිරිසකට භාර කළ යුතුයි.”