ආණ්ඩුව පලවා හැරිමේ දෙවන රැල්ල සුනාමියක් මෙන් ඉදිරියට ගෙන එන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ජනපීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් ජාතික ජන බලවේගය එය සංවිධානය කළ අම්බලන්තොට පැවැති විරෝධතාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ආර්ථිකය හැකිලෙනවා. රස්සා නැතුව යනවා. මුදල් අච්චු ගහන්න වෙනවා. උද්ධමනය ඉහළ යනවා. මේ අනතුරට අපි එමින් තිබෙන්නේ. මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් ජනතාව විශ්වාස කරන විශ්වාසනීය ස්ථාවර පාලනයක් ගේන්න ඕනේ.
මේකෙන් ජනතාව මුදවාගන්න නම් අපි පාලන බලය අතට ගත යුතුමයි. මතක තබා ගන්න දිනය කියන්නේ අපි නෙමෙයි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ වැඩේ ලෑස්තියි. ඕකේ කිව්වොත්. අන්න එදාට දිනේ ප්‍රකාශයට පත්කරනවා.
මුළු හම්බන්තොටම නගරයේ බස්සන්න පුළුවන් ද? එහෙනම් හොඳයි. අපි ගිහින් පණිවුඩය කියන්නම් හම්බන්තොට නම් ලෑස්තියි කියලා. අනික් ඒවා ටිකත් මැනලා බලන්න ඕනේ.
දැන් අපි දෙවනි රැල්ල පටන් ගත්තා. දෙවනි රැල්ල මහා ජන සුනාමියක් ලෙස පළවෙනි රැල්ලටත් වඩා වර්ධනය කරන බවට අපිට සහතිකයි.
පොලීසිය හමුදාවට අපි ආරාධනා කරන්න ඕනේ. කිසි කෙනෙක් තරහා කරගන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට කතා කරන්න. එක්සත් ජාතික පාක්ෂිකයාට කතා කරන්න. මොකද පෝලිමේ ඉන්නේ ජෙවීපී එක්කෙනා විතරද? නෑ අපි ඔක්කොම පෝලිමේ. ව්‍යවසනය අපි හැමෝටම පොදුයි.. එහෙනම් අපි සමගි වෙලා ඉදිරියට එන්න ඕනේ. අපි සියලු පාක්ෂිකයින්ට ආරාධනා කරනවා ඒ සමගියට මෙතනට එන්න කියලා.”