ආණ්ඩුව නිවටයි කියල හිතන්න එපා…! කඩාකප්පල්කාරීන්ට අපි ළඟ බෙහෙත් තියෙනවා…! – කෙහෙළිය…

October 27, 2021 at 2:36 pm | by emanisa.lk

වැටුප විෂමතා ගැටලුව දඩමීමා කර ගනිමින් ගුරුවරුන් අතර, පාසල් තුළ ගැටලු ඇති කරන්නේ වෘත්තීය සමිති නායකයන් තුන් හතර දෙනෙකු පමණක් බවත්, මොවුන්ගේ උපක්‍රමවලට හසු නොවී කටයුතු කරන්නැයි සමස්ත ගුරුවරුන්ගෙන්ම ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සෞඛය අමාත්‍යංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී ඔහු මේ බව සඳහන් කළේය.

ගුරු වෘත්තීය සමිති සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියා හමුවේ සාධනීය ලෙස කටයුතු කරන ආණ්ඩුව නිවටයන් ලෙස කටයුතු කරන්නේ යැයි සිතන්නේ නම් ඊට සුදුසු විකල්ප විසඳුම්වලට යා හැකි බවත්, එවැනි තත්ත්වයකට ආණ්ඩුව පත් කිරීමෙන් වැළකී සිටින ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා සඳහන් කරයි.

මීට පෙර ගුරුවරුන් සම්බන්ධයෙන් දැක්වූ අදහස් හේතුවෙන් තමාට දෝෂාරෝපණ එල්ල වූ බව පෙන්වා දෙන ඇමැතිවරයා සඳහන් කරන්නේ කෙතරම් අපවාද එල්ල වුව ද එදා තමා ප්‍රකාශ කළ ස්ථාවරයේ ම තව දුරටත් සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *