ආණ්ඩුව දූෂිත බවට චෝදනා එල්ල කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අභියෝග කරයි.
ගම්මන්පිල ඇමතිවරයා මෙය දූෂිත ආණ්ඩුවක් යැයි පැවසූ බවත් ආණ්ඩුව ඒ තරම් දූෂිත නම් එතුමා තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේ මන්දැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රශ්න කරයි.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කරන්නේ බලු නැට්ටට බල්ලා වැනීමට ඉඩදිය නොහැකි බවය.
“පක්ෂ රැස්වීමෙදී එකක් කියලා එළියට ගිහින් තව එකක් කියනකොට ඒක අපිට ඉවසන් ඉන්න බැරි වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑ නේ කොහෙවත්. ගැලපෙන්නැත් නම් දික්කසාද වෙන්න ඕනේ.”