ආණ්ඩුව කොරෝනා වසංගතය මැද ජනදුක නිමයි! කිසිදු පෞද්ගලික අංශ සේවකයෙක් ඉවත් කරන්න බෑ! සියලු සේවකයන්ට වැටුප්! ආයතන හිමියන්ට අවශ්‍ය නම් අඩු පොළියට ණය!

May 11, 2020 at 10:58 pm | by emanisa.lk

පෞද්ගලික ආයතන හා කම්හල්වල සේවය අවසන් කිරීමේ අයදුම්පත් ජූලි මාසය දක්වා භාර නොගන්නැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කම්කරු කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

ජාතික කම්කරු උපදේශක සභාව කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී අද (11) රැස්වූ අවස්ථාවේ මෙසේ උපදෙස් දුන් බව වාර්තා වෙයි.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තුවේ නිලධාරින්, වෘත්තිය සමිති නියෝජිතයන් මෙන්ම හාම්පුතුන්ගේ සංගම්වල නියෝජිතයින් ගේද සහභාගිත්වයෙන් පැවැති එම රැස්වීමේ දී සේවක රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් එකඟතා කිහිපයකට එළැඹි ඇත.

මැයි හා ජුනි මාස දෙක සඳහා වැටුප් ගෙවීමේ දී ආයතනයේ උවමනාව මත සේවයට නොකැඳවූ සේවකයන්ට මූලික වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500 යන දෙකින් වැඩි අගය ගෙවීමටත් එහි දී එකඟ වී තිබේ.

සේවකයන් සේවයට ගෙන්වා ගැනීමේදී නිරෝධායන අනුව සේවකයන් වැඩට ගෙන්වා ගැනීමටත් සියලු සේවකයන්ට වැඩ ලැබෙන පරිදි ඔවුන් ගෙන්වා ගැනීමටත් හාම්පුතුන් එහි දී එකඟ වී ඇති අතර සේවක වැටුප් ගෙවීමේ දී මූල්‍ය අපහසුතා ඇත්නම් වාණිජ බැංකුවලින් 4 % ක පොලිය මත ණය ලබා ගැනීමට හාම්පුතුන්ට අවස්ථාව ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස