ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වැනි ප්‍රමුඛ අරමුණු බැහැර කරමින් ආණ්ඩුව තම දේශපාලන බලය වර්ධනය කර ගනිමින් ඒකාධිපති පැසිස්ට් රාජ්‍යයක් බිහි කිරීම ප්‍රමුඛ කාර්යය ලෙස සලකන බව පෙනෙන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සඳහන් කරයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මේ බව සඳහන් කරයි.
මේ තත්ත්වය බරපතළ ඛේදවාචකයක් බව පෙන්වා දෙන ඔහු ජාතිවාදය ආගම්වාදය තම දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් යොදා ගනිමින්, පාස්කු ප්‍රහාරය, වඳ සැත්කම් ආදී මාතෘකා තුළ ප්‍රසිද්ධියේ තමන් චෝදනා කළ කණ්ඩායම් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි පවසමින් නිදහස් කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළෙහි අරමුණ සහ එදා ඔවුන්ට අවශ්‍යව තිබූ අරමුණ කුමක් දැයි රටේ බුද්ධිමත් ජනතාවට වැටහෙනු ඇති බව සිය විස්වාසය බව ද පවසයි.
දැනට මතුව ඇති සෞඛ්‍ය අවදානම් තත්ත්වය ද අවබෝධ කර ගනිමින් රජය විසින් වහා කළ යුතුව ඇත්තේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවත්, රටේ ආර්ථිකයත් ආරක්ෂා කිරීමත්, නැවත යථා තත්ත්වයට පත් කිරීමත් උදෙසා ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට අවධාරණය කරන බවද එලෙස කිරීමට අපොහොසත් වන්නේ නම් හෝ එම වගකීම පැහැර හරින්නේ නම් හෝ එය මෙරට ඉතිහාසය තුළ ආණ්ඩුවක් විසින් සිදු කරන ලද බරපතළ ම දේශපාලනික වරද බවට පත්වුණු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.