ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක ඊයේ (31) සවස අභාවප්රාප්ත වී තිබේ.
මිය යන විට 85 වැනි වියේ පසුවූ ලාල් විජේනායක, ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිස පසුව ඉන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කළේය.
1988 වසරේ පැවති පළමු පළාත්සභා මැතිවරණයෙන් මධ්යම පළාත්සභාවට තේරී පත්වූ හෙතෙම එහි විපක්ෂ නායකවරයා වශයෙන් ද කටයුතු කළේය. 2016 වසරේදී නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කෙරුණු ‘ආණ්ඩුක්රම ව්යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ’ සභාපතිවරයා ලෙස කටයුතු කළේද ලාල් විජේනායකය.
මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දීර්ඝ කාලීනව පෙනී සිටි ලාල් විජේනායක ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වශයෙන් සිටියදීම එම ආණ්ඩුවෙන් ගෙන ආ 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට මෙන්ම ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනතට ද විරුද්ධව සක්රීයව කටයුතු කළ අයෙකි.