විනිසුරු විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අත්තනෝමතික අශිෂ්ට තීන්දුවක් බව ජාතික ජන බලවේග නායකත්ව මණ්ඩල සහ විධායක සභා සාමාජික නීතිඥ ලාල් විජේනායක පවසයි.
“මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. ඇයි මම මේකට විරුද්ධ වෙන්නේ. මම ඉන්න npp විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ.
මම මේ ගැන ඇහැව්වම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55ක් නීතීඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60 ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. මගේ දේශපාලනය ගොඩනැගුණේ දර්ශනයක් ප්‍රතිපත්තියක් මත ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන්.
අපි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කරපු එකම සටන මේක නෙමයි ෆීලීක්ස් ඩයස් ,ජේ .ආර් ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අයත් එක්ක මට සටන් කලා. ඒ එකම අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය සඳහා. ඒ නිසා අදත් මම සටන් කරනවා ඒ වෙනුවෙන්. මේක හිතුවක්කාර අශිෂ්ට තීරණයක්”
කොළඹ පැවති නීතිඥ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ ලාල් විජේනායක මේ බව කීය.