22 වැනි සංශෝධනයට විරුද්ධ වුවද, ජාතික ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන තව දුරටත් පක්ෂය තුළ කටයුතු කරන බව එහි විධායක සභික, නීතිඥ ලාල් විජේනායක පවසයි.
කෙසේ නමුත් 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට එරෙහිව ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL) ගන්නා ක්රියාමාර්ගවලට තවදුරටත් සහාය දෙන බවද ඔහු සඳහන් කරයි.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, පක්ෂයෙන් ඉවත් වීමට කිසිදු සූදානමක් නොමැති බවත් ලාල් විජේනායක අවධාරණය කරයි.
තමන් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා සමඟ එක්වීමට අපේක්ෂා නොකරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
දිනපතා ඉංගිරිසි පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ලාල් විජේනායක මේ බව ප්රකාශ කර තිබේ.