ආණ්ඩුවේ 22කට සහාය පළ කරමින් ආණ්ඩුවෙන් පෙත්සමක්…!

August 26, 2026 at 9:56 am | by emanisa.lk

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි විසිනි.

ඔහු එම පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුනොවන බවත් එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්ය.

22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට පෙත්සම් විසි තුනක් ගොනුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස